අදුරු වු අහස් කුස
තරු රෑන සගවලා
රෑ අහස පහන් කළ
සද මඩල මියැදිලා...........
ගග අද්දර ළගට වී සිටියේ
ඔබේ උරහිසට බරවෙලා
අපි අපේම වී උන්නු කාලේ
හසරැළින් හැඩවෙලා..........
රැළි නැගුණ මහ සයුර
තනිකමට හුරුවෙලා
ඔබ මගෙන් ඈත් වී ගොස්
තනි යහන ගොළුවෙලා................